Home Hit ආනයනික භාණ්ඩවල ගුණාත්මක භාවය සහ නියමිත මිල පවත්වාගෙන යාමට වැඩපිළිවෙලක්

ආනයනික භාණ්ඩවල ගුණාත්මක භාවය සහ නියමිත මිල පවත්වාගෙන යාමට වැඩපිළිවෙලක්

164
0

ආනායනික භාණ්ඩ සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු රැසකට කඩිනම් පිළිතුරු සැපයීමට ගරු සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26වනදා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී පැවති සාකච්ඡාවේදී අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.

මෙහිදී පහත සඳහන් කරුණු සාකච්ඡාවට බඳුන් විය.
• ආනයනික භාණ්ඩවල ගුණාත්මක භාවයේ පවතින ගැටලුකාරී තත්ත්වයන්.
• ආනයනික මිලට වඩා අසීමිත ලාබයක් ලබා ගැනීමේ අරමුණින් අධික
මිලකට වර්තමානයේ භාණ්ඩ අලෙවි වන බැවින් එම තත්ත්වය නිවැරදි කිරීම.
• ආනයනය කරනු ලබන තොග ඇතැම් ආනයනකරුවන් විසින් අධික ලාභයක් ලබා ගැනීමේ අරමුණින් අසීමිත ලෙස ගබඩා කර තබා ගැනීම.

මෙම කරුණු වලට විසඳුම් ලබාදීමේ අරමුණ ඇතිව පාරිභොගික අධිකාරිය විසින් සකස් කරමින් පවතින පරිගණක දත්ත පද්ධතිය සම්බන්ධව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේත්, පාරිභෝගික අධිකාරියේත් අදාල වගකිවයුතු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා වැඩ පිළිවෙල ක්‍රියාවට නැංවීමට සළස්වා ඒ සම්බන්ධයෙන්ද ඉතා වැදගත් තීන්දු කීපයක්ම ගන්නා ලදි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය ලේකම්වරයා, රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතා ප්‍රමුඛ රේගු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමන් ඇතුලු නිළධාරීන් සහභාගී විය.

එමෙන්ම රේගුව තුළ පරීක්ෂණ කටයුතු කරන ආකාරය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවටද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී වූ අතර එහිදී රේගු දෙපාර්තමේන්තුවත් පාරිභෝගික අධිකාරියත් මෙරටට ආනයනය කරනු ලබන තවත් ආයතන 38 ක් එක්ව ඒකාබද්ධ වී පළමුවන පියවර ලෙස ආයතනික භාණ්ඩවල ගුණාත්මක භාවය පිළිබඳව තිබෙන ගැටලු කඩිනමින් විසදීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට සකස් වන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here