Home Coronavirus 2020 සමස්ත කොවිඩ් මරණවලින් 81ක් කොළඹින්

සමස්ත කොවිඩ් මරණවලින් 81ක් කොළඹින්

168
0

කොවිඩ්-19 වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 109 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වීම නිසා මියගිය සමස්ත 109 දෙනාගෙ‍න් තිදෙනෙකු වයස අවුරුදු 10 ත් 30 ත් අතර වයස්වල පසුවන අතර සිව්දෙනෙකු 31 ත් 40 ත් අතර වයස්වල පසුවිය.

වයස අවුරුදු 41 ත් 50 ත් අතර වයස් සීමාවේ පසුවන 16 දෙනෙකුද , වයස 51 ත් 60 ත් අතර 21 දෙනෙකු ද , වයස 61 ත් 70 ත් අතර යන වයස්වල පසුවන 20 දෙනකුද මිය ගිය අය අතර වේ.

සමස්ත කොවිඩ් මරණ අතරින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ අවුරුදු 71 ට වඩා වැඩි වයස් කාණ්ඩයෙන් වන අතර එම සංඛ්‍යාව 45 කි.

සමස්ත මරණ 109 න් 81 දෙනෙකුම වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාව වර්තාවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 13 කි.

කළුතරින් 06ක්, කුරුණෑගලින් 04ක්, පුත්තලමෙන් 03ක්, නුවරඑළියෙන් එක් මරණයක් සහ හඳුනානොගත් එක් මරණයකුත් මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ අතරට අයත්ය.

කොවිඩ් මරණ 109 න් 44 ක් නිවෙස්වලදී හෝ රෝහල් වෙත ඇතුළත් කිරීමේදී සිදු වූ මරණ වන අතර 64 දෙනකු මිය ගොස් ඇත්තේ රෝහල් වලදීයි.

අනෙක් කොවිඩ් මරණය මාර්ගයක මියගොස් සිටි අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here