විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වීම ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙනවා.
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මේ වනවිට දෛනිකව ලංකිකයින් 300 දෙනෙකු පමණ මෙරටට පැමිණෙන බවය.
එම සංඛ්‍යාව ඉදිරියේදී 500 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතැයි ඔහු පැවසුවේ ය.
මේ අතර තවත් විදෙස්ගත ලාංකිකයින් 191 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියේ ය.
කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, අබුඩාබි සිට 42 ක්, කටාර් සිට 96 ක් හා චෙන්නායි සිට 52 ක් දිවයිනට පැමිණ ඇති බවයි.
ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලින් පසුව නිරෝධායනය සඳහා යොමු කර තිබේ.