අධිකරණ නියෝග නොතකා LTTE සැමරුමක් සංවිධාන කල යාපනයේ දේවස්ථානයක පූජකවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ 47 හැවිරිදි සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
ඒ ජාතීන් අතර අසමගිය ඇති කිරීම, අධිකරණ නියෝගය කඩ කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් සිදුකිරීම යන චෝදනා යටතේයි.
මීට පෙර එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු කළ 4 දෙනෙකු ද එරාවුර් ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබුණා