මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති සමීර රුක්ෂාන් සමීර මදුෂංක හෙවත් පට්ටලේ නැමැත්තා ගිනිඅවියක් සහ තවත් ආයුධ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම තැනැත්තා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු ලාල් නැමැත්තාගේ ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධානතම සාමාජිකයෙකු බව සඳහන්.
සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී ඔහු සතුව තිබී රුසියාවේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, හඳුනානොගත් උණ්ඩ 08 ක්, මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 06 ක්, රම්බෝ වර්ගයේ උල් පිහියක් සහ කඩුවක් ද හමුවූ බව විශේෂ කාර්ය බලකාය සඳහන් කලා.