Home Business මුදල් අමාත්‍යාංශය, ෆිච් ශ්‍රේණිගත කිරීම් පිළි නොගන්නා බවට නිවේදනයක්

මුදල් අමාත්‍යාංශය, ෆිච් ශ්‍රේණිගත කිරීම් පිළි නොගන්නා බවට නිවේදනයක්

1053
0

ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට දිගුකාලීන විදේශ ණය ගෙවීමේ හැකියාව පුරෝකථනය කරන ශ්‍රේණිගත කිරීම් CCC කාණ්ඩය දක්වා පහත හෙළීම පිළි නොගන්නා බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අදාළ ශ්‍රේණි ගත කිරීම පිළිබඳව කණගාටුවෙන් නිරීක්ෂණය කරනු ලබන්නේ නව රජය පත්වූ අලුතම එහි මධ්‍ය කාලීන ප්‍රතිපත්ති රාමුව ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි.

පවත්නා ආර්ථික පුනරුදය සැළසුම් සහ සාර්ව ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කිරීමේ සැළසුම් ෆිච් ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතනයෙන් නොසළකා හැර ඇති බව පෙනී යන බවයි මුදල් අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට දිගුකාලීන විදේශ ණය ගෙවීමේ හැකියාව පුරෝකථනය කරන ශ්‍රේණිගත කිරීම් CCC කාණ්ඩය දක්වා පහත හෙළා ඇති බවට ඊයේ ප්‍රකාශයට පත් වුණා.

සාමාන්‍යයෙන් ෆිච් ආයතනය විසින් CCC හෝ ඊට අඩු ශ්‍රේණි ගත කිරීමක් සහිත රටක ඉදිරි පුරෝකථන දැක්වීම් හෝ ශ්‍රේණි ගතකිරීම්වලට යොමුවන්නේ නැහැ.

ෆිච් ශ්‍රේණිගත කිරීමේ නියෝජිත ආයතනයෙන් ලබාගත් කරුණු අනුව මෙමඟින් පිළිබිඹු කරන්නේ මෙරට විදේශ ණය ආපසු ගෙවීමේ අභියෝගාත්මක තත්ත්වයයි.

2021 සිට 2025 දක්වා කාලය තුළ රජයේ විදේශ ණය බැඳීම් ඇමරිකානු ඩොලර් බිලියන 23.2 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here