අවිශ්ක ප්‍රනාන්දුගේ සුපිරි පිතිහරඹයත් සමග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 08 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් 02 වන තරගයේදීයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස්කල ළකුණු සංඛ්‍යාව 175 ක්.
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ශහිඩ් අෆ්රිඞ් ලකුණු 58 ක්ද ධනුෂ්ක ගුණතිලක ලකුණු 38 ක්ද රැස්කලා.
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් ඩී ඔලිවියර් ළකුණු 44 කට කඩුලු 04 යි.
පිළිතුරු ඉණිම ක්‍රීඩාකල ස්ටැලියන්ස් කණ්ඩායම පන්දු 03 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකලා.
ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 92ක් ගත්තා.
මේ අතර LPL තරගාවලියේ තවත් තරග 02 ක් අද පැවැත්වෙනවා.
දඹුල්ල වයිකින්ග්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර තරගය පස්වරු 03.30 ටත් – කලම්බු කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගය රාත්‍රී 08 ටත් ආරම්භ වනු ඇති.