හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටුලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල පදිංචිකරුවන්ගේ සංචරණයන් පිළිබඳ ඩ්‍රෝන කැමරා සහ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යොදාගනිමින් නිරීක්ෂණය කිරීම අද (28) පොලිස් මූලස්ථානයේ රථවාහන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙහිදී අටලුගම පුද්ගලයන් පිරිවර වශයෙන් ගැවසෙන අයුරු දක්නට ලැබුණු අතර එම යානා පියාසර කිරීමේදී ඔවුන් නිවෙස් තුළට ද යන අයුරු දක්නට ලැබුන බව ලංකාදීප පුවත් පත වාර්තා කරනවා
කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 206 දෙනෙකු අටලුගම ඇතුළු හුදකලා කරන ලද ග්‍රාම සේවා වසම් වලින් වාර්තා වේ