කොළඹ, නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක සේවකයින් 14 දෙනෙකු Covid-19 ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවCovid-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
එම රෝහලේ සේවය කරනු ලබන හෙදියන් සහ සාත්තු සේවක සේවිකාවන් පිරිසක් සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව නෙත් නිව්ස් වාර්තා කරනවා
එම රෝහලේ සෙසු සේවකයින්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති බවයි ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.