අටළුගම ප්‍රදේශයේ වැඩි දෙනා ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බව සහ නිලධාරීන් නොමග යැවීමට කටයුතු කරන බව’ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඇතම් පිරිස් ‘ ව්‍යාජ ලිපින ලබාදීම , නිවසට පැමිණි නිලධාරීන් මගහැරීම, PCR පරීක්ෂණ සඳහා සහභාගී නොවීම, සහ නිරෝධායන නීති වලට පටහැනිව ක්‍රියා කිරීම සිදුකර ඇති බවද යුධ හමුදාපතිවරයා සඳහන් කළ බව ‘අරුණ’ වෙබ් අඩවිය වාර්තා කරනවා.
එසේම සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා සෑම අයෙක්ම වගකීමෙන් සහය ලබා දිය යුතු බවත් නිවසට පැමිණ හොර අල්ලන්නා සේ මෙම කාර්ය සිදුකල නොහැකි බවත් සඳහන් කර තිබේ.
පසුගිය දින කිහිපයේදී ප්‍රදේශයේ ජනතාව දැක්වූ සහාය අවම බවත් උණ රෝගයෙන් පෙලෙන පිරිසෙන් අඩක් මෙම පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවී ඇති බවත් සඳහන් කර තිබේ.
ඉදිරියටත් මෙසේ සිදුවුව හොත් හුදකලා කිරීමේ කාර්ය සැලකියයුතු කාලයක් පවත්වා ගැනීමට සිදුවන බවද සඳහන් කර ඇති අතර ඉදිරියේදී වෙනත් ක්‍රමවේදයක් භාවිත කරමින් කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් කරනු ලැබුවා.