කොවිඩ් මර්දන කමිටුවේ උපදේශකයකු ලෙස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කැඳවන බවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියත් ඒ සඳහා මෙතෙක් කැඳවීමක් කර නැති වාර්තා වේ.
අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කොවිඩ් මර්ධන වැඩපිළිවෙලට විශාල දායකත්වයක් ලබාදෙමින් සිටියදී ඔහුව ඉවත් කිරීම ගැන විපක්ෂය පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න තිබුණි.
එයට පිළිතුරු දෙමින් ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ තමන් කතාව පවත්වන දිනයේ සිටම අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්ධනය පිළිබඳව සාකච්ඡාවලට සහභාගී කරගන්නා බවයි.
එහෙත් මේ දක්වාම ඔහුව එවැනි සාකච්ඡාවලට සහභාගී කරගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
මේ සම්බන්ධයෙන් විමසීමට අනිල් ජාසිංහ මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එය අසාර්ථක විය.
උපුටා ගැනීම – ඉරිදා ලංකාදීප (2020-11-29)