Home Hit එක්සත් රාජධානි පාර්ලිමේන්තුව අසල සැමරූ දෙමළ ඊළමේ ‘මහ විරු දිනය’

එක්සත් රාජධානි පාර්ලිමේන්තුව අසල සැමරූ දෙමළ ඊළමේ ‘මහ විරු දිනය’

301
0

දෙමළ ඊළමෙහි නිල පුෂ්පය ලෙස 2004 වසරේදී නම් කළ ‘කාර්තිගයිපූ මල’ (Karthigaipoo/Gloriosa) ඊයේ රාත්‍රියේ මධ්‍යම ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් හි පාර්ලිමේන්තු නිවාසයෙහි ආලෝකමත් වනු දැකගත හැකි වූ බව ‘The New Indian Express‘ වාර්තා කරයි.

එම මලෙහි රූපයක් සමඟ “අපට මතකයි” සහ “ශ්‍රී ලංකා රජයේ ජන සංහාරයෙන් නිදහස් වීමට සටන් කළ වීරයන් අපට මතකයි” යැයි එහි සටහන්ව තිබුණි.

“කොරෝනා හේතුවෙන් අපිට නොවැම්බර් 27 වන දින මහජන රැස්වීම් පැවැත්විය නොහැකි බැවින්, අපගේ වීරයන් වෙනත් ආකාරයකින් සැමරීමට අපි තීරණය කළා” යැයි බ්‍රිතාන්‍යයේ ද්‍රවිඩ ක්‍රියාකාරිණියක් වන මාලතී පවසන ලදි.

“අපගේ මවුබිම වන ශ්‍රී ලංකාවේ මෙම සැමරීම මැඩපැවැත්වීමට මෙන්ම අපගේ දිවි පිදූවන් සිහි කිරීම වැළැක්වීමට උත්සාහ කරමින් සිටී” යැයි තවත් තරුණ සංවිධායකයෙකු වන ශංකර් පවසයි. “අපි ලන්ඩනයේ මෙම ගොඩනැගිල්ල තෝරාගත්තේ අපගේ ජනතාව මුහුණ දෙන අඛණ්ඩ ජන සංහාරය බ්‍රිතාන්‍ය මහජනතාවට පෙන්වීමට සහ එක්සත් රාජධානියේ ප්‍රතිපත්ති අපගේ නිදහස් අරගලයට අඛණ්ඩව බලපාන බව ඉස්මතු කිරීමටයි. මෙය අපගේ ජනතාවට සහ අපගේ නිදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අයට දෙන පණිවිඩයයි. ඔබව කිසිදා අමතක නොවනු ඇත. ද්‍රවිඩයන්ට යුක්තිය, සාමය සහ ස්ථිර ආරක්ෂාව ලැබෙන තුරු අරගලය දිගටම කරගෙන යාමට අපි පොරොන්දු වෙමු.” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

Image
Image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here