Home Coronavirus 2020 දීපාවලියෙන් පසු බගවන්තලාවේ ආසාදිතයින් ගණන ඉහළට (PHOTOS)

දීපාවලියෙන් පසු බගවන්තලාවේ ආසාදිතයින් ගණන ඉහළට (PHOTOS)

270

බස්නාහිර පළාතේ රැකියාවල නිරතව සිට දිපවාලි උත්සව සමයෙන් පසු බගවන්තලාව ප්‍රදේශයට පැමිණි පස් දෙනෙකුට Covid-19 වෛරසය අසාදනය වි ඇති බවට (26) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිර් සෙල්වම් ජේ.ගනේෂ් මහතා පැවසිය.

දිපාවලි උත්සවයෙන් පසු අසාදිතයන් මේ (17 , 18 ) යන දෙදින බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන , බ්‍රිඩ්වෙල් , කොටියාගල , නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් සහ ටිලරි යන වතුවලට පැමිණිමෙන් පසු එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කර (24) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණයෙන් පසු පස් දෙනෙකුට Covid-19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිතයන් අතර එක් තරුණියක්ද සිටින බවත් , එම ආශ්‍රිතයන් පස් දෙනාගේ පවුල් වල සමාජිකයන් සහ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කල බවත් , එම පිරිස පි.සි.ආර් පරික්ෂණයට භාජනය කරන බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිර් සෙල්වම් ජේ ගනේෂ මහතා පැවසිය.

Covid-19 වෛරසය අසාදනය වු අසාදිතයන් පස් දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට නියමිතය.

හැටන් රංජිත් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here