Home Cricket දින 7 නිරෝධායනයෙන් තොරව තරඟයට එක්වීමට අෆ්රිඩිට අවස්ථාව

දින 7 නිරෝධායනයෙන් තොරව තරඟයට එක්වීමට අෆ්රිඩිට අවස්ථාව

492

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටාර්ලින් කණ්ඩායම අතර තරඟය අද (27) පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟය සඳහා එක්වීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන ෂහිඩ් අෆ්රිඩි හට අවස්ථාව හිමිව තිබෙන බව වාර්තා වනවා.

ගුවන් යානය මඟ හැරීම හේතුවෙන් අෆ්රිඩිට මෙරටට පැමිණීමට හැකියාව ලැබුනේ පෙරේදා දිනයේදීයි.

තරඟාවලියට ක්‍රීඩා කිරීමට පෙර දින 07ක් නිරෝධායනය වීමක් අනිවාර්ය වුවත් විශේෂ කරුණු කිහිපයක් සලකා බැලීමෙන් අනතුරුව අෆ්රිඩිට තරඟාවලියට ක්‍රීඩා කිරිම සඳහා අවසර ලබාදී තිබෙනවා.

අද පැවැත්වෙන තරඟයේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අෆ්රිඩි විසින් මෙහෙයවන අතර ජැෆ්නා ස්ටාර්ලින් කණ්ඩායම මෙහෙයවන්නේ තිසර පෙරේරා විසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here