Home Hit “නිශ්ශබ්ද විලියම්” ලෙස ප්‍රචලිත නව පොලිස්පති – නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

“නිශ්ශබ්ද විලියම්” ලෙස ප්‍රචලිත නව පොලිස්පති – නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

761

අද දින 35 වැනි පොලිස්පති ලෙස වැඩ භාරගත් C.D වික්‍රමරත්න මහතා සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

දීපාල් චන්දන වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාවේ තිස්පස්වන පොලිස්පතිවරයා ලෙස අද දින උදේ 8.57 ට යෙදී තිබූ සුබ මොහොතේ පොලිස් මූලස්ථානයේ පොලිස්පති නිල මැදිරියේ දී සිය රාජකාරී භාර ගන්නා ලදී.

1963 වර්ෂයේ උපත ලද වික්‍රමරත්න මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලද විශිෂ්ට ගණයේ ශිෂ්‍යයෙකු ලෙස හැඳින්විය හැක .කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ විශේෂ ගෞරව උපාධිධාරියකු වන මෙතුමා 1986 වර්ෂයේ රාජ්‍ය බුද්ධි සේවාවට බඳවා ගනු ලැබූ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස ශ්‍රී පොලිසියට එක්වීම සිදුවඇත.

සැබෑ බුද්ධිමතුන්ගෙන් බුද්ධි අංශ සන්නද්ධ කිරීමේ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස පොලිස් සේවයට එක්වන වික්‍රමරත්න මහතා වසර 10 ක කාලයකින් පසුව බුද්ධි අංශයෙන් ඉවත්ව ක්ෂේත්‍ර පොලිස් රාජකාරි සඳහා එක්වීම සිදු වී ඇත.

පොලිස් අධිකාරී, ජේෂ්ඨ පොලිස් අධිකාරි, නියෝජ්‍ය පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු දරමින් දිවයිනේ ප්‍රදේශ රැසක රාජකාරියේ නියුතුවූ මෙතුමා තමා වෙත පැවරෙන ඕනෑම අභියෝගයක් කිසිදු පැකිලීමකින් තොරව බාරගෙන ඒවා ඉතා සාර්ථකව ඉටුකරන නිලධාරියකු ලෙස පොලිස් නිලධාරීන් අතර ප්‍රකටය.

අනවශ්‍ය ප්‍රසිද්ධිය ,වෙනත් ලාභ ප්‍රයෝජන පසුපස නොගොස් කැපවීමෙන් තමා වෙත පැවරෙන රාජකාරිය ඉටුකරන “නිශ්ශබ්ද විලියම්” කෙනෙකු ලෙස පොලිසිය තුළ ප්‍රචලිත චන්දන වික්‍රමරත්න මහතා මෙම තනතුරට පත්වීමට ප්‍රථම මාස 19ක කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ඉතා අර්බුදකාරී වකවානුවක් තුළ පොලිස් සේවාව ඉතා සාර්ථක ලෙස මෙහෙයවීමට සමත් විය.

විශේෂයෙන් පශ්චාත් පාස්කු ප්‍රහාර සමය,තුළ මෙරට ඇතිවූ ආරක්ෂක ව්‍යාකූලත්වය සමනය කිරීම , 2019 ජනාදිපතිවරනය කිසිදු පූර්ව හෝ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් තොරව ඉතා සාමකාමී මැතිවරණයක් ලෙස පැවැත්වීම ,කෝවිඩ් පළමු සහ දෙවන රැල්ල මර්දනය සඳහා ශ්‍රී ලංකා පොලීසිය සාර්ථකව මෙහෙයවීම , 2020 පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමී ලෙස පැවැත්වීම .මේ මාස 19 වැඩබලන කාලසීමාව තුළ වික්‍රමරත්න මහතාට එල්ල වූ ප්‍රධාන අභියෝග වන අතර වැඩබලන පොලිස්පති ධුරය දරමින් එතුමා මෙම සියලු අභියෝග ඉතා සාර්ථක ලෙස ජය ගැනීමට සමත් වූ බව අතිශයෝක්තියකින් තොරව සඳහන් කළ යුතුමය.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලබාගත් භෞතික විද්‍යාව විශේෂ උපාධියට අමතරව සුප්‍රකට ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයයන් ලබාගත් කළමනාකරණ උපාධිය ද, ගැටුම් කළමනාකරණය සහ ආරක්ෂක විධි සම්බන්ධයෙන් එංගලන්තයේ bradford විශ්ව විද්‍යාලයෙන් ලබාගත් පශ්චාත් උපාධිය ද. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලබාගත් ගැටුම් කළමනාකරණය සහ ආරක්ෂක විධිවිධාන පශ්චාත් උපාධියෙන් ද සන්නද්ධ මෙතුමා හැමවිටම දැනුම මුල් කරගත් සමාජයක් කෙරෙහි විශ්වාසය තැබූ නිලධාරියකු විය.

ඉතා සරල අල්පේච්ඡ ජීවිතයකට මෙන්ම සෘජු තීරණ අවශ්‍ය වේලාවට ගැනීමේ හසළ දැනුමක් ඇති නිලධාරියකු වූ “වික්‍රමරත්න යුගය” තුළ ශ්‍රී ලංකා පොලීසිය කාලීන අභියෝග ජයගෙන සුරක්ෂිත සමාජයක් නිර්මාණය කිරීමට පෙරමුණ ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය ඍජු අවංක නායකත්වය සැපයීමේ සියලු ගුණාංග මෙතුමා සතුවන බව අවසාන වශයෙන් සඳහන් කරමි.

නව පොලිස්පති තුමනි ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ රැකවරණය නිරතුරුවම ලැබේවා !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here