Home Environment රාජ්‍ය ඇමති විමලවීරට එරෙහි වූ වනජීවී නිලධාරියා මාරු කරන්න – මම මාධ්‍යට...

රාජ්‍ය ඇමති විමලවීරට එරෙහි වූ වනජීවී නිලධාරියා මාරු කරන්න – මම මාධ්‍යට බය නෑ

521

ඊයේ දිනයේ විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාට විරුද්ධ වූ වනජීවී නිලධාරියාව මාරු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඒ අද (27) දින පාර්ලිමේන්තුව අමතමින්.

ව්මලවීර දිසානායක මහතා දේශපාලනයේ නිකැලැල් චරිතයක් ඔහු සම්බන්ධයෙන් මාධ්‍ය නිවැරදි තොරතුරු වාර්තා නොකළ බවටත් ඒ මහතා චෝදනා කර සිටිනවා. තමන් මාධ්‍යයට බය නොමැති බවත් මෙහිදී ඔහු කියා සිටියා.

“මේ වගේ තක්කඩි නිලධාරීන්, එක නිලධාරියෙක්ගෙ නම වාසල. ඔය පුද්ගලයා මේ ප්‍රදේශයේ පුද්ගලයන්ගෙන් කප්පම් ගන්නවා. යම් පුද්ගලයෙක්ගෙ කාර්‍ය අසාර්ථකයිනම් ඒ ආයතනය කඩා වැටෙනවා. ඒ නිසා මාරුවක් විය යුතුයි. විමලවීර දිසානායක අමාත්‍යතුමනි, ඔබතුමා අමාත්‍යවරයා විදිහට ඍජු තීන්දු ගන්න. ඔබතුමාට පණතෙන් ලැබිලා තියෙන බලතල ක්‍රියාත්මක කරන්න.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම පරිසරය පිළිබඳව සිතිය යුත්තේ මිනිසා ගැන සිතීමෙන් අනතුරුව බවත් ඔහු පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.

සබැඳි ලිපි..

රාජ්‍ය ඇමතිගේ බලපෑමට නොසැලුණු වනජීවී නිලධාරීන් (VIDEO) | News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here