Home Coronavirus 2020 ඇහැළියගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් 44 දෙනෙකුට කොරෝනා

ඇහැළියගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ තවත් 44 දෙනෙකුට කොරෝනා

347

ඇහැළියගොඩ, දියුරුම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ්-19 ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ සිදුකරන ලද PCR පරීක්ෂණ වලදී එම කර්මාන්ත ශාලාවේ තවත් 44 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ, අනුව එම කර්මාන්ත ශාලාවෙන් මේ වනවිට හඳුනගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 51ක් බවයි ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ.

මෙලෙස කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් පිරිස ඇහැළියගොඩ, කුරුවිට, දෙහිඕවිට, අවිස්සාවේල්ල, රත්නපුර ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සියලුදෙනා කහවත්ත සහ ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

මේ අතර අදාල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1200ක් පමණ වන සේවකයින් මේ වනවිටත් නිවෙස් තුල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here