Home Hit LPL තරගාවලියේ පළමු තරඟයේ ජය COLOMBO KINGS කණ්ඩායමට

LPL තරගාවලියේ පළමු තරඟයේ ජය COLOMBO KINGS කණ්ඩායමට

116
0

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (LPL) පළමු තරගයෙන් ජය ගැනීමට ඇන්ජලෝ මැතිව්ස් ගේ නායකත්වයෙන් යුත් කලම්බු කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

ඒ ඊයේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

දෙපිළම සම ළකුණු ලබාගැනීම හේතුවෙන් තරගයේ ජය තීරණය කෙරුණේ සුපිරි පන්දු වාරයකින් වීම විශේෂත්වයක්.

පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 219 ක්. නායක කුසල් ජනිත් පෙරේරා 87 යි. රමනුල්ලා ගුර්බාස් 53 යි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල කලම්බු කිංග්ස් කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 219 ක්. තරගයේ වීරයා වූ දිනේෂ් චන්දිමාල් 80 යි. ඉසුරු උදාන නොදැවී 34 ක් ලබාගත්තා.

ඒ අනුව තරගයේ ජය තීරණය කිරීම සඳහා සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක කල අතර එහිදී කලම්බු කිංග්ස් කණ්ඩායම ළකුණු 16 ක් රැස්කල අතර කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ලබා ගත හැකිවූයේ ළකුණු 12 ක් පමණයි.

මේ අතර LPL තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වෙන්නේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතරයි. රාත්‍රී 08 ටයි එය ආරම්භ වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here