නව පොලිස්පති C.D. වික්‍රමරත්න මහතා අද සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකා පොලිස් සේවයේ 35 වන පොලිස්පතිවරයා ලෙස පසුගියදා පත්වීම් ලැබූවේ මාස 19 කට ආසන්න කාලයක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමෙන් පසුවයි.
පොලිස් මූලස්ථානයේදී අද දින නව පොලිස්පතිවරයා වැඩ භාර ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.