Home Hit LPL පළමු තරඟය ලොවපුරා මිලියන 100+ නරඹලා

LPL පළමු තරඟය ලොවපුරා මිලියන 100+ නරඹලා

1322

ඊයේ (26) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ LPL තරඟාවලියේ පළමු තරඟය ලොව පුරා ප්‍රේක්ෂකයින් මිලියන 100කට අධික පිරිසක් නරඹා ඇති බව වාර්තා වනවා.
ඇමරිකානු චන්ද්‍රිකා දත්ත මූලාශ්‍රයක් උපුටා දක්වමින් දිවයිනේ ප්‍රමුඛ පෙලේ ක්‍රිකට් ක්‍රීඩක කළමනාකරණ උපදේශකයෙකු වන අමිල කලුගලගේ මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

2020 වර්ශයේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ එක් තරඟයක් සදහා සාමාන්‍යයෙන් මිලියන 110ක පමණ නරඹන්නන් ප්‍රමාණයක් සිට ඇති අතර එම තරගාවලිය හා සසැදීමේදී LPL පලමු තරඟයට මිලියන 100+ නරඹන්නන් සංඛ්‍යාවක් එක්වීම විශාල ජයග්‍රහණයකි.

පවත්නා කොවිඩ් තත්වය යටතේ LPL තරඟාවලිය සාර්ථක කරගැනීම විශාල අභියෝගයක්ව පැවතියදී ඊයේ සමාරම්භක උළෙල අති සාර්ථකව සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යංශය සමත්වී ඇති අතර එය මෙරට ක්‍රිකට් ලෝලීන්ගේද ප්‍රසංශාවට ලක්විය.

තරඟාවලියේ සමාරම්භය සදහා සිය සුභාසිංශණ එක්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ටුවිටර් පණිවිඩයක් නිකුත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here