Home Coronavirus 2020 වගකීම ගන්නවා කිව්වට දරුවෙක්ට විපතක් වුනොත් අධ්‍යාපන ලේකම් දරුවා දෙනවද? (VIDEO)

වගකීම ගන්නවා කිව්වට දරුවෙක්ට විපතක් වුනොත් අධ්‍යාපන ලේකම් දරුවා දෙනවද? (VIDEO)

243

පන්නල ප්‍රදේශයේ පාසලක් අසල රැස් වූ දෙමාපියන් පිරිසක් පාසල ආරම්භ කිරීමට පෙර කිසිදු සෞඛ්‍යාරක්ෂිත පියවරක් ගෙන නොමැති බවට චෝදනා කරනවා.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පාසල් අරඹන බවත් බිය නොවී දරුවන්ව පාසලට එවන ලෙසට අධ්‍යාපන ලේකම් වරයා පවසා සිටියත් පාසල පිරිසිදු කිරීමට පවා දරුවන්ට සිදුව ඇති බවට ඔවුන් පවසනවා.

අත සේදීමටවත් කිසිදු පහසුකමක් නොමැති බව සඳහන් කරන දෙමව්පියන්, යම්කිසි සිදුවීමක් වුවහොත් එහි වගකීම අධ්‍යාපන ලේකම් වරයා භාර ගන්නා බව පැවසුවද, දරුවකුට යම්කිසි විපතක් සිදු වුවහොත් අධ්‍යාපන ලේකම්වරයාට නැවත තම දරුවා ලබා දියහැකිද යන්න ප්‍රශ්න කරනු ලැබුවා.

මෙවන් වටපිටාවක් තුළ පාසලට දරුවන් එවීමෙන් වැළකීමට ඔවුන් කටයුතු කරනු ලබන බව රැස්ව සිටි දෙමව්පියන් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here