Home Hit හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොල්ලුපිටිය අපරාධ අංශයේ OIC මිය යයි

හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොල්ලුපිටිය අපරාධ අංශයේ OIC මිය යයි

546

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ.

හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ කොල්ලුපිටිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (26) උදෑසන ව්‍යායාමවල නිරත වී සිටින අතරතුර ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඔහු 42 හැවිරිදි පස්සර මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය ජාතික රෝහලේ තැන්පත් කරඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here