Home Uncategorized ඇමති චමල්ට නව රාජ්‍ය ඇමති කමක් (PHOTOS)

ඇමති චමල්ට නව රාජ්‍ය ඇමති කමක් (PHOTOS)

270

නව කැබිනට් අමාත්‍යවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයෙකු අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ රියර් අද්මිරාල් සරත් වීරසේකරයි.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මීට පෙර රියර් අද්මිරාල් සරත් වීරසේකර කටයුතු කරනු ලැබුවේ පළාත් සභා හා පළාත්පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මෙම දිවුරුම්දීමත් සමඟ වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය පිහිටවනු ලැබූ අතර, මීට පෙර අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබූ පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පවරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here