Home Hit සිසුවියකගේ Facebook ඡායාරූප නිරුවත් ලෙසට සංස්කරණය කළ අයෙකු අත් අඩංගුවට

සිසුවියකගේ Facebook ඡායාරූප නිරුවත් ලෙසට සංස්කරණය කළ අයෙකු අත් අඩංගුවට

334

සිසුවියකගේ ඡායාරූප, නිරුවත් ඡායාරූප සමඟ සංස්කරණය කර ඇය අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරුන්ට වට්ස්ඇප් මාර්ගයෙන් යැවූ බව කියන පුද්ගලයෙක් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගණය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයකු බව දඹුල්ල පොලිසිය කියයි.

මීට දින කිහිපයකට ඉහත දී දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට දඹුල්ල ප්‍රදේශයේ පාසලක උසස් අධ්‍යාපනය හදාරන සිසුවියක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම විද්‍යාලයේම ඉගෙනුම ලබන සිය මිතුරියක් යම් තරුණයකු සමඟ සබඳකමක් පවත්වා ඇති බවත් පසුව එම තරුණයා සමග පැවති ප්‍රේම සම්බන්ධතාවය නවතා දැමීමෙන් පසු ඇය විසින් දුරකථන අංකය විසන්දි කර තිබුණු බවත් ඇය සිදු කරන ලද පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පවසයි.

පසුව පැමිණිලිකාර සිසුවියට අදාල තරුණයා ඇමතුම් කිහිපයක් ලබාගෙන ඇයගේ මිතුරියව සම්බන්ධ කර දෙන්නැයි කළ ඉල්ලීම ඇය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ තරුණයා තමන්ගේ මුහුණු පොතේ ඇති ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූප වලට සම්බන්ධ කොට මුහුණු පොතට දමන බවට තර්ජනය කළේ යැයි පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

පසුව තමන්ගේ ඡායාරූප ලබාගෙන එම ඡායාරූප නිරුවත් ඡායාරූප වලට බද්ධකොට ඇය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරියකට වට්සැප් මාර්ගයෙන් එවා ඇතැයිද ඇය පොලිසියට පැමිණිලි කොට තිබිණි.

මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ දඹුල්ල පොලීසිය විසින් මෙහෙයවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here