Home Hit ජාතියක් ලෙස නැගීටීමට LPL යොදා ගත යුතුයි – ඇමති නාමල්

ජාතියක් ලෙස නැගීටීමට LPL යොදා ගත යුතුයි – ඇමති නාමල්

272

දේශපාලන වෙනස්කම් පසෙකට දමා රටේ ක්‍රීඩාව දියුණු කල යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජාතියක් ලෙස එකාවන්ව නැඟී සිටීමට LPL තරඟාවලිය අවස්ථාවක් කරගත යුතු බවයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරනවා.

මේ ඔහු තැබූ සටහනයි.

දේශපාලන වෙනස්කම් පසෙකට දමා, ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලිය හරහා රටක් ලෙස අප බලාපොරොත්තු වන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පුනර්ජීවනය උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහාය ලබා දිය යුතු අතර #COVID19SL වසංගත තත්ත්වයට ශක්තිමත්ව මුහුණදෙමින් ජාතියක් ලෙස නැගී සිටීමට ද අප සැවොම මෙම අවස්ථාව යොදා ගත යුතු වනවා.

#ජයගමු🇱🇰

LPL තරඟාවලිය අද සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here