Home Hit “මම තමයි මාතර සුනිල්” රන්ජන් මාධ්‍ය වල පැටිකිරිය හෙළිකරයි – (VIDEO)

“මම තමයි මාතර සුනිල්” රන්ජන් මාධ්‍ය වල පැටිකිරිය හෙළිකරයි – (VIDEO)

374

දියුණු රටවල මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නන් හට බලපත්‍ර ලබාදීමේදී ඔවුන්ගේ විස්තර සහ පවුල් පසුබිම සලකා බැලුවත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නට බලපත්‍ර නිකුත් කිරීමේදී එවැනි කිසිවක් සලකා නොබලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරට ජනතාවට ප්‍රවෘත්ති ලබා දෙන ආයතන බොහොමයක අයිතිය දරනු ලබන්නේ කුඩු විකුණන බවට, එතනෝල් ගෙන්වන බවට හා රේස් බයි රේස් ඔට්ටු දමන බවට මෙන්ම LTTE සංවිධානයට පහසුකම් ලබාදුන් බවට චෝදනා ඇති පුද්ගලයන්ට බවයි.

මෙවැනි පුද්ගලයින් මෙහෙයවන ආයතන මගින් ජනතාවට නිවැරදි සත්‍ය ප්‍රවෘත්ති ලබාදෙන්නේ කෙසේදැයි ඒ මහතා ප්‍රශ්න කළේය.

උදේ සිට සවස් වන තුරුම මෙම ආයතන ජනතාව රවට්ටමින් සිටින බව පැවසූ මන්ත්‍රීවරයා තම අත්දැකීමක් විස්තර කරමින් කියා සිටියේ මාධ්‍ය ආයතන දේශපාලඥයින් විසින් බය කරන බවත් බලපත්‍රය ලබා දීම හේතුවෙන් ආණ්ඩුවට කඩේ යාමට එම ආයතන වලට සිදුව ඇති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here