Home Education මේ මොන කෙහෙම්මලක්ද?- වචනයේ ඔබ නොදත් අර්ථය මෙන්න

මේ මොන කෙහෙම්මලක්ද?- වචනයේ ඔබ නොදත් අර්ථය මෙන්න

509

සිංහලයෙකුට කේන්ති ගිය විට ඔහුගේ මුවින් නොදැනුවත්ව පිටවන පදයක්නම් “කෙහෙම්මල්” යන්නයි.

ප්‍රශ්නයකට සපුරා වැරදි පිළිතුරක් දුන් විට “කෙහෙම්මල” හෝ “උඹ දන්න කෙහෙම්මල” යැයි කියනු බොහෝවිට ඇසේ.

“ඕනෑ කෙහෙම්මලක්” කියන කියමනද නිතර දෙවේලේ ඇසෙන්නකි.

සිංහල සන්ධි විධි අනුව “කෙහෙම්මල්” යන පදය සැදෙන්නේ ‘කෙසෙල් සහ මල්’ යන පද සන්ධි වීමෙනි.

කෙසෙල් – මල් කෙහෙම්මල්

කෙසෙල් මල් වලට කෙසෙල් මුව හෝ කෙසෙල් මුහ කියාත් කියනු ලැබේ.

එයින් සදා ගත හැකි වෑංජන ඉතා රසවත්ය. එබැවින් එවැනි රසවත් වෑංජනයක් උදව් වන “කෙහෙල් මල” මෙවැනි අපහාසයකට ලක් කරන්නේ ඇයි?

හේතුව කේන්තියෙන් කියන කෙහෙම්මල හා කෙහෙල් ගහේ හට ගන්නා කෙහෙම්මල අතර කිසිදු සම්බන්ධයක් නැති වීමයි.

කේන්තියට නිරායාසයෙන් පිටවන කෙහෙම්මල සිංහල පදයක් නොවේ. එය කේන්ති ගියවිට පරංගි බසින් කියවෙන පද තුනකි.

Que – කෙ (මොකක්ද?)
el -එල් (නියත ප්‍රත්‍ය)
mal – මාල් (වැරැද්ද)

මේ පද තුන එක හුස්මට කියවුනොත් කියවෙන්නේ කෙ-එල්-මාල් හෝ කෙහෙල්මාල් කියායි.

පරංගියකු යමක් කරමින් සිටින විට යම්කිසි වැරද්දක් සිදු වුවහොත් “කෙ-එල්-මාල්” (මොකක්ද වැරැද්ද?) යන්න ඔහුගේ මුවින් ඉබේම මෙන් පිටවෙයි.

එය සිංහල අපේ කනට ඇසෙන්නේ ‘කෙහෙල්මල්’ හෝ ‘කෙහෙම්මල්’ යනුවෙනි.

අපේ අසරණ කෙසෙල් මල් මීට පටලවා නොගනිත් වා.

මහාචාර්ය ජේ. බී. දිසානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here