Home Hit වන විනාශය හා දැව කැපීම මැඩපැවැත්වීමට ගුවන් නිරීක්ෂණ මෙහෙයුම්

වන විනාශය හා දැව කැපීම මැඩපැවැත්වීමට ගුවන් නිරීක්ෂණ මෙහෙයුම්

502

වනාන්තර විනාශය හා දැව කැපීම වැළැක්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා යානා භාවිත කරමින් නිරීක්ෂණ මෙහෙයුම් සිදුකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

නීතිවිරෝධීව වන සම්පත විනාශ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔහු කියා සිටියේ දැව කැපීමට පෙර එවැනි උත්සහයන් හඳුනාගැනීමට අවශ්‍ය බවයි.

අපේ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතුයි යනුවෙන් නාරාහේන්පිට පිහිටි අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා.

මෙවැනි උත්සාහයන් වලක්වන ලෙස ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කලා.

මෑතක දී ඉඩම් කොල්ලකෑමේ සිදුවීම් වාර්තාවීම ගැන සඳහන් කළ ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ ඉඩම් කොල්ලයට සම්බන්ධ පුද්ගලයින් හදුනාගැනීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here