Home Coronavirus 2020 වත්තල කෝවිඩ් ආසාදිතයින් ගණන 926ක් දක්වා ඉහළට

වත්තල කෝවිඩ් ආසාදිතයින් ගණන 926ක් දක්වා ඉහළට

700

වත්තල ප‍්‍රදේශයෙන් අද දින තවත් කොරෝනා වෛරස ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වුන අතර මේ වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 926 දක්වා ඉහල ගොස් ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි යු ඇසින්ඩා මහත්මිය පවසයි.

අද දින හදුනාගෙන ඇති ආසාදිතයන් අතරින් වත්තල හැදල 1 සහ 2 කොට්ඨාස වලින් ආසාදිතයන් 20 දෙනෙකුත් ප‍්‍රිතිපුර සහ මත්තුමගල ප‍්‍රදේශ වලින් 10 දෙනෙකුත් වන බව වෛද්‍යවරිය සදහන් කරයි.

වත්තල මාබෝල නගර සභාවට අයත් කොට්ඨාසයේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 185 දෙනෙකු වාර්තා විමත් ඉන් 86 දෙනෙකුම පල්ලිය පටුමගේ පදිංචිකරුවන් වීම නිසා එම මාර්ගය මේ වන විටත් හුදෙකලා පෙදසක් බවට පත් කොට ඇති බව වත්තල මාබෝල නගර සභාවේ ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක කුමාර විරසිංහ මහතා පවසයි.

ඉකුත් 23 දින පල්ලිය පටුමගේ කම්කරු නිවාස පේලියෙන් කොරෝනා ආසාදිතයන් 35ක පොකුරක් බිහිවිම නිසා පල්ලිය පටුමග මාර්ගය අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here