Home Hit 2015 මැතිවරණයේදී සහරාන්ගේ සහය හිටපු ජනපති සිරිසේනට සහ මුස්ලිම් කොන්ග්‍රසයට – හිස්බුල්ලා

2015 මැතිවරණයේදී සහරාන්ගේ සහය හිටපු ජනපති සිරිසේනට සහ මුස්ලිම් කොන්ග්‍රසයට – හිස්බුල්ලා

360

ජාතික තව්හීද් ජමාත් (NTJ) සහ එහි නායක සහරාන් හෂීම්, 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට (SLMC) සහයෝගය දුන් බව නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා අඟහරුවාදා රාත්‍රියේ පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිසම වෙත පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිස්බුල්ලා මහතා කියා සිටියේ ත්‍රස්ත ප්‍රහාරවල ප්‍රධානියා ලෙස කටයුතු කළ සහරාන් මැතිවරණ කාලය තුළ තමාට සහාය දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍යවල වීඩියෝවක් පළ කර ඇති බවයි.

“ඉන්පසුව සියලු පාර්ශවයන් ඔහුට සහයෝගය දැක්වූ අතර මමත් එය අනුගමනය කළා.

පසුව, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ (එස්එල්එම්සී) වත්මන් සාමාජික ෂිබ්ලි ෆාරුක් ඇතුළු කණ්ඩායමක් සමඟ සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායම සාකච්ඡා කරමින් සිටින වීඩියෝවක් කොමිසම විසින් සාක්ෂිකරුගේ අවධානයට යොමු කරන ලදී.

වීඩියෝවට අනුව, සහරාන් සහ ෂිබ්ලි ෆාරුක් සෞදි අරාබියෙන් හිස්බුල්ලාට ලැබී ඇති සවුදි රියාල් මිලියනයක් පමණ පිළිබඳව සාකච්ඡා කරන අතර, එම මුදල් පැමිණියේ හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සඳහාද නැතහොත් හිරා පදනමටද යන්න පිළිබඳවත් සාකච්ඡා කරයි.

හිස්බුල්ලාගේ ක්‍රියාකාරකම් සඳහා සෞදි අරාබියෙන් මුදල් ලැබීම සම්බන්ධයෙන් තමාට කිසිදු ගැටළුවක් නොමැති බව සහරාන් හෂීම් සඳහන් කරන අයුරු එම වීඩියෝවේ දැක්වේ.

එම වීඩියෝ පටය පිළිබඳව කොමිසම ප්‍රශ්න කළ විට හිස්බුල්ලා කියා සිටියේ 2015 වන විට සහරාන් තම දේශපාලන හා සමාජ ක්‍රියාකාරකම්වලට පීඩා කරමින් ඔහුට එරෙහිව කටයුතු කර ඇති බවයි.

“වීඩියෝවේ සහරාන් කතා කළේ ෂයිබ්ලි ෆාරුක් ඇතුළු මට විරුද්ධ වූ අය සමඟයි. එහි ඔහු පවසන්නේ මට සවුදි අරාබියෙන් රියාල් මිලියනයක් ලැබුණු බවත් එම අරමුදල් මගේ දේශපාලන කටයුතු සඳහා යොදා ගත හැකි බවයි. නමුත් මම එසේ කළේ නෑ” යැයි හිස්බුල්ලා පැවසීය.

කොමිසමේ සභාපතිවරයා හිස්බුල්ලාට එම මුදල ලැබුණේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ තමන්ට එම මුදල් ලැබුණු බවයි

(Daily Mirror / The Island)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here