ඇමරිකා එක්සත් ජනපදයේ ගිනිකොන දිග උටාහ් කාන්තාරය (Utah desert) හරහා පියාසර කළ එරට වනජීවි සම්පත් සංරක්ෂණ බලකායට අයත් හෙළිකොප්ටර් යානයක් විසින් ප්‍රාන්තයේ දුර බැහැර ප්‍රදේශයක “අසාමාන්‍ය” ලෙස පොළවෙන් ඉහළට මතුවී තිබූ මොනොලිත් එකක් සොයා ගෙන තිබෙනවා.
පොළවට කාවැදී තිබූ එම සිනිඳු ලෝහ ව්‍යුහය අවම වශයෙන් අඩි 10 ක් පමණ උස වන අතර එය එම ස්ථානයට පැමිණ තිබූ ආකාරය පිළිබඳව කිසිවෙකු නොදන්නා බව පෙනේ.
අඩි 10 ත් 12 ත් අතර උසකින් යුත් එම දිලිසෙන ලෝහමය වස්තුව බිමෙහි තදින් රෝපණය කර තිබී ඇති අතර එයින් ඇඟවෙන්නේ එය ඉහළ සිට එම ස්ථානයට පැමිණ ඇති බවයි




මෙම ව්‍යුහය එය 2001 දී විකාශය වූ ආතර් සී. ක්ලාක්ගේ කතාවේ (Space Odyssey ) යන්ත්‍රවලට සමාන බවත් එය චිත්‍ර ශිල්පියෙකු හෝ එම චිත්‍ර පටයේ රසිකයෙක් විසින් ගොඩනගන්නට ඇති බව බලධාරීන් පවසනවා.

කිසිවක් සඳහන් කර නොමැති මෙම වස්තුව උටාහ් කාන්තාරයේ (Utah desert) රතු පාෂාණ තටාකයක් තුළ පිහිටා ඇති අතර එය වඩාත් සමීපව බැලීමට උත්සාහ කිරීමෙන් අනතුරක් සිදුවිය හැකි බැවින් නිලධාරීන් එය පිහිටි නිශ්චිත ස්ථානය පිළිබඳ තොරතුරු ලබා නොදීමට තීරණය කර තිබෙනවා.