Home Hit මහනුවර කම්පන වලින් පසුව වික්ටෝරියා වේල්ලට දැඩි අවධානයක්

මහනුවර කම්පන වලින් පසුව වික්ටෝරියා වේල්ලට දැඩි අවධානයක්

297

මේ වසරේ මහනුවරට දැනුණු භූ කම්පන මාලාවකින් පසුව වික්ටෝරියා වේල්ල සම්බන්ධයෙන් දැඩි සෝදිසියෙන් සිටීමට සිදුව තිබෙනවා.

අගෝස්තු, සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවලදී මහනුවර ප්‍රදේශවල සුළු කම්පන තත්වයන් ඇති වී තිබෙනවා.

සිදු වූ භූ කම්පනයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, පරීක්ෂණ කටයුතු දිගටම කරගෙන යන බව නිලධාරීන් සඳහන් කරනවා.

තත්ත්වය බරපතල නොවන නමුත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (24) මාධ්‍යවේදීන් අමතමින් කියා සිටි බව Daily Mirror වෙබ් අඩවිය වාර්තා කරනවා.

මහනුවර තුළ ප්‍රබල කම්පනයක් දැනුනහොත් එයට මුහුණ දීමට සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා සියලු පාර්ශවකරුවන් ඒකාබද්ධ වැඩසටහනකට සම්බන්ධ වී සිටින බවත්, විශේෂඥ කමිටුවක් විසින් මෙම තත්ත්වය අධ්‍යයනය කර අඛණ්ඩව විමසිල්ලෙන් සිටීමට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here