Home Coronavirus 2020 නියම කළ මිලට වැඩියෙන් PCR පරීක්ෂණ කරන පෞද්ගලික රෝහල් 4ක් –...

නියම කළ මිලට වැඩියෙන් PCR පරීක්ෂණ කරන පෞද්ගලික රෝහල් 4ක් – Drive thru ක්‍රමයටත් PCR

429

PCR පරීක්ෂණ සඳහා රුපියල් 6500ක උපරිම මිලක් නියම කර තිබුණද අනුමැතිය ඇති පෞද්ගලික රෝහල් හතරක් අදාළ මිල ඉක්මවා PCR පරීක්ෂණ සිදුකරන බවට අනාවරණය වී තිබෙනවා.

එසේම පෞද්ගලික මට්ටමින් රෝහල් වෙත පැමිණෙන්නන්ට PCR පරීක්ෂණ සිදුනොකරන ලෙස නියෝග ලබාදී තිබුණද මේ අතුරින් ඇතැම් රෝහල් එම නියෝග නොතකා Drive thru (‍මෝටර් රථයේ සිටම) පහසුකම PCR පරීක්ෂණ සිදුකරමින් සිටින බව ‘අරුණ’ වෙබ් අඩවිය වාර්තා කරනවා.

Covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගියදා PCR පරීක්ෂණ සිදුකරන සියලුම රෝහල්වල නියෝජිතයන් කැඳවා PCR පරීක්ෂණවල උපරිම මිල රුපියල් 6500කට පවත්වාගෙන යන ලෙසටත් රෝහල් තුළදී PCR පරීක්ෂණ සිදුකළ යුත්තේ නේවාසික රෝගීන්ට පමණක් බවටත් උපදෙස් ලබාදුන්නේය.

එහෙත් අදාළ රෝහල් හතර රුපියල් 12,000, 9000, 8800 සහ 8500 යන මිල ගණන්වලට රෝහලට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් PCR පරීක්ෂණ කරන බව ‘අරුණ’ කළ විමසීමකදී අනාවරණය වී තිබෙනවා.

මීට අමතරව විදේශයන්ගේ සිට පැමිණෙන පුද්ගලයන් වෙනුවෙන් කෙරෙන PCR පරීක්ෂණවලදී ගුවන් සේවාව සපයන සමාගම් සමග එක්ව හඳුන්වා දී ඇති පැකේජ ක්‍රමය ඔස්සේ PCR පරීක්ෂණය වෙනුවෙන් රුපියල් 19000 දක්වා ඉහළ මිල ගණන්ද අය කෙරෙන බවටද වාර්තා වනවා.

මෙම විමර්ශනයේදී එක් පෞද්ගලික රෝහලක නියෝජිතවරියක සිය PCR පහසුකම පිළිබඳව මෙසේ පැහැදිලි කර තිබුනා.

‘‘ඩ්‍රයිව් තෲ එකේදි හොස්පිට්ල් එකට ඇවිත් වාහනේ ඉඳගෙනම PCR කරන්න පුළුවන්. එහෙම නැතිනම් ඕවද ෆෝන් එපොයිමන්ට්ස් දාලා කරන්න පුළුවන්’’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here