Home Hit ලලිත් – කූගන් නඩුව සම්බන්ධයෙන් ජනපතිට නිකුත්කල සිතාසිය බල රහිත කෙරේ

ලලිත් – කූගන් නඩුව සම්බන්ධයෙන් ජනපතිට නිකුත්කල සිතාසිය බල රහිත කෙරේ

388

මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කලා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එම් ඩි නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් විසිනුයි නියෝගය ලබාදුන්නේ.

ලලිත් – කුගන් දෙදෙනා අතුරුදන්වූ 2012 වසරේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කලේ ගෝඨාභය රාජපක්ෂ මහතායි.

අදාළ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවේ එක් වගඋත්තරකරුවෙකු ලෙසද ඔහුද නම් කර තිබුණා.

ඒ අනුව නඩුවට පෙනීසිටීම සඳහා යාපනය අධිකරණය විසින් රාජපක්ෂ මහතාට සිතාසියක් නිකුත් කර තිබූ අතර එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටයි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥයන් පසුගිය වසරේදී අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here