Home Hit ගර්භනී මව්වරුන්ට දැනුම්දීමක්

ගර්භනී මව්වරුන්ට දැනුම්දීමක්

303

ගර්භනී මවකට යම් රෝගී තත්ත්වයක් හෝ සංකූලතාවක් පවතීනම් නිවසට වී නොසිට වහාම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රාමාලි ද සිල්වා දැනුම් දෙනවා.

දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින ගර්භනී මවකට හදිසි අවදානම් තත්ත්වයක් ඇතිවුවහොත් රෝහල් ගතවීම සඳහා ගර්භනී සටහන් පොත භාවිත කළ හැකි බවයි ඇය කියා සිටියේ.

මේ අතර මේ වනවිට හුදකලා කර ඇති ප්‍රදේශවල මාතෘ හා ළමා සායන නියමිත පරිදි නොපැවැත්වුණද සෙසු ප්‍රදේශවල අදාළ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව ද ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රාමාලි ද සිල්වා ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here