Home Hit දිලිත් ජයවීර රාජ්‍යසේවා කොමිසමට පත්කෙරේ

දිලිත් ජයවීර රාජ්‍යසේවා කොමිසමට පත්කෙරේ

8488

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීප මිතුරෙකු ලෙස ප්‍රකට දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ.

කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විනිසුරු ජගත් බාලපටබැඳිගේ කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් අතර ඉන්ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, ටී.ආර්.සී. රුබෙරු, ඩයන් ගෝමස්, ඩබ්ලිව්.එච්. පියදාස, හේමා ධර්මවර්ධන සහ නිර්මාල් කරුණාසිරි යන අයවලුන්ගෙන් සමන්විත වේ.

ඉන්ද්‍රානි සුගතදාස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය වන අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංගගේ බිරිඳයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු සභාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද මෙම පත්වීම් ඊයේ දිනයේ තහවුරු කරන ලදී.

දිලිත් ජයවීර මහතා මීට පෙර නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here