Home Hit දුරකථන අංකය ඉල්ලා සේවිකාවකට පහරදෙන ‘ලොක්කා’ (Video)

දුරකථන අංකය ඉල්ලා සේවිකාවකට පහරදෙන ‘ලොක්කා’ (Video)

9006

සේවා ස්ථානයක ප්‍රධානියෙකු විසින් එහි සේවිකාවකට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අපවෙත ලැබී තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට එම ප්‍රධානියා විසින් සේවිකාවගේ දුරකථන අංකය විටින් විට ඉල්ලා බල කර ඇති අතර ඇය එය ලබා නොදෙන විට ඇයට පිටත්ව යාමට නියම කර ඇත.

මෙම තීරණය අසාධාරණ බව පවසමින් ඇය එම අවස්ථාව වීඩියෝ ගත කිරීමේදී ඔහු විසින් ඇයට පහරදීමට අරඹන අතර එම ස්ථානයේ අනෙක් සේවක පිරිස පැමිණ ඇයව මුදවා ගනී.

සේවා ස්ථානවලදී කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන මෙවන් තත්වයන් අතිශයින්ම නීතිවිරෝධී වන්නාක් මෙන්ම රටක ඉදිරිගමනට ද අයහපත් ලෙස බලපායි.

මෙම ආයතනය බස්නාහිර පලාත් මාර්ග සංවර්ධන අදිකාරියේ උඩුගම්පොළ කාර්යාලය ලෙසත් සිද්ධිය සිදුවූ දිනය 2020/11/23 ලෙසත් සමාජ මාධ්‍යයන්හි සඳහන් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here