Home Hit බොලේ ගන්න වත්තට ගියාට, දොස්තර පාසල් සිසුවාට වායු රයිෆලයකින් වෙඩි තබයි

බොලේ ගන්න වත්තට ගියාට, දොස්තර පාසල් සිසුවාට වායු රයිෆලයකින් වෙඩි තබයි

420

පාසල් සිසුවෙකු‍ට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු මහරගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවක අදාළ පාසල් සිසුවා පන්දුවක් ගැනීම සඳහා එම වෛද්‍යවරයාගේ නිවස පිහිටි ඉඩමට ඇතුළු වී ඇති බව සඳහන් වේ.

එහිදී වෛද්‍යවරයා විසින් විමසීමකින් තොරව පාසල් සිසුවාට වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙක් වන අතර, සිසුවාගේ පපු ප්‍රදේශයට වෙඩි ඇති බවත් මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

ලද පැමිණිල්ලක් මත මහරගම පොලීසිය සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව සැකකරු අද (23) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහරගම පොලීසිය සඳහන් කළේය.

අදාළ වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයෙකු බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here