Home 2020 General Election “ටයර් කර්මාන්ත ශාලාව පටන් ගත්තෙ ඔබතුමාලා, අපි හොඳ දේට හොඳයි කියනවා” –...

“ටයර් කර්මාන්ත ශාලාව පටන් ගත්තෙ ඔබතුමාලා, අපි හොඳ දේට හොඳයි කියනවා” – විමල්

1211

හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයේ ස්ථාපිත අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදනාගාරය වන ‘රිජිඩ් ටයර් කෝපරේෂන්’ කර්මාන්තශාලා පරිශ්‍රය පසුගිය 20වනදා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

මේ සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ දැන් එම ටයර් කර්මාන්තශාලාව ගැන ඉහළින් කතා කරන නමුත් එය පෙර රජය පැවති සමය වන විට පරීක්ෂණ අදියරට පවා පැමිණ තිබූ බවත් වත්මන් රජයේ මන්ත්‍රීවරුන් ඒ කාලයේ එම කර්මාන්තශාලාවට අපහාස වන අයුරින් පවා කතා කළ බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේ පෙර රජය පැවති සමයේ එය ආරම්භ කළ බව පිළිගන්නා බවත් ‘අනුන්ගේ ළමයින්ට උප්පැන්න සහතික ලියා ගැනීමට’ උත්සාහ නොකරන බවත් ප්‍රකාශ කර සිටියා. අගය කළ යුතු දේ අගය කිරීමට නොපැකිළෙන බවත් එහිදී එම මහතා ප්‍රකාශ කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here