Home Hit UNP ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහව යෝජනා කෙරේ

UNP ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල් වික්‍රමසිංහව යෝජනා කෙරේ

761

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා පත් කරන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා.

පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා කියාසිටියේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම මන්ත්‍රී ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඊයේ(22) පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කල බවයි.

රටේ වත්මන් තත්වය දෙස බැලීමේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්දැකීම් සහ පළපුරුද්ද රටට අවශ්‍ය බව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේය.

කෙසේවෙතත් අද දිනයේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි රුවන් විජේවර්ධන මහතා සඳහන් කලේ.

පසුගිය අගෝස්තු 05 වනදා පැවති මහ මැතිවරණයේ ප්‍රථිඵල අනුව එක්සත් ජාතික පක්ෂය සමස්ත දිවයිනෙන්ම ලබාගත් ඡන්ද සංඛ්‍යාව 249435ක්.

ඒ අනුව ඔවුන්ට හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here