Home Hit ‘මේ ආණ්ඩුවේ JOKER වැඩ දැකලා දැන් මිනිස්සු පාරට බහින්න පටන් අරන්’ –...

‘මේ ආණ්ඩුවේ JOKER වැඩ දැකලා දැන් මිනිස්සු පාරට බහින්න පටන් අරන්’ – තෙවරප්පෙරුම

380

වත්මන් රජයට අවශ්‍ය තිබුනේ කොරෝනා පාලනය කිරීමට වැඩ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

එම නිසා ජනතාව බලාපොරොත්තු වූ දේවල් ඉල්ලමින් මේ වන විට මහමගට පැමිණ ඇති බව ඒ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පවතින තත්වය හමුවේ මිනිසුන් දිවිනසා ගැනීමේ තත්වයකට පැමිණ ඇති බවත් මේ වන විටත් බොහෝ පිරිසක් එසේ දිවි නසාගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

Covid-19 ආසාදිතයෙක් වාර්තා වුවහොත් PHI නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් ආයුධ රැගෙන ගේ වට කිරීම හේතුවෙන් මිනිසුන් බිය වන බවත් ඒ මහතා පැවසීය.

වත්මන් රජය විසින් සිදුකරනු ලබන ජෝකර් වැඩ හේතුවෙන් මිනිසුන් පාරට බැසීමට පටන් ගෙන ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා වසර දෙකක් තිබියදී බලයෙන් ඉවත් වීමට සිදුවුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට වසර තුනක් තිබියදී බලය අහිමි විය හැකි බවද වැඩි දුරටත් අදහස් දැක්වූ පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here