Home Coronavirus 2020 ඊයේ දිනයේත් කොළඹ සහ ගම්පහ ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වෙයි

ඊයේ දිනයේත් කොළඹ සහ ගම්පහ ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වෙයි

296

ඊයේ (22) දිනය තුළ මෙරටින් Covid-19 ආසාදිතයින් 400ක් හඳුනාගෙන තිබේ.

ඉන් පුද්ගලයින් 391ක් දේශීයව හඳුනාගත් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

සෙසු 9 දෙනා විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයින් වේ.

ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 121ක් ලෙසය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 112ක් හා මහනුවරින් ආසාදිතයින් 27ක් හඳුනාගෙන තිබේ.

මේ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 16,639ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ දිනයේ දී මෙරට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 12,095කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here