Home Hit පාසල්වල සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් බිලියන 105 ක්

පාසල්වල සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් බිලියන 105 ක්

306

ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 105.812 ක් පාසල් වෙත ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

පිරිවෙන් සහ විද්‍යාපීඨ ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන වෙත මීට පෙර ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. සිසුන් 100ට අඩු පාසල් සඳහා රුපියල් 8,000 /ක මූල්‍ය ප්‍රතිපාදන ද, 200 ට අඩු පාසල් සඳහා රුපියල් 10,000/ බැගින් ද, 200ට වැඩි පාසල් සඳහා රුපියල් 12,000/ බැගින්ද මේ යටතේ ප්‍රදානය කෙරේ.

දරුවන් වෙනුවෙන් ගනු ලැබූ මෙම තීරණය වඩාත් යහපත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් පුරවැසි වගකීමක් ලෙස සලකා සියලු පාර්ශ්ව පූර්ණ සහාය පළ කරනු ඇතැයි අපේක්ෂා කරන බවද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here