Home Hit කරුණා අම්මාන් මුස්ලිම් පල්ලි වලට පහර දෙන්න කෝටි 15ක් ඉල්ලුවා –...

කරුණා අම්මාන් මුස්ලිම් පල්ලි වලට පහර දෙන්න කෝටි 15ක් ඉල්ලුවා – නාමල් කුමාර

1511

මෙරට මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් දියත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල‍යේ සාමාජිකයෙකු ලෙස වර්තමානයේ කටයුතු කරන, හිටපු කොටි නායකයෙකු වන කරුණා අම්මාන් මහතා කෝටි 15ක මුදලක් ඉල්ලූ බව දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර මහතා පවසයි.

ප්‍රංශයේ පදිංචි පුද්ගලයෙකුගේ සැලසුමකට අනුව එම ප්‍රහාරය දියත් කිරීම සඳහා භාර දීමට කරුණා අම්මාන් වෙතට අපේ ජනබල පක්ෂයට සම්බන්ධ භික්ෂුවක් යැවූ බවත් එහිදී කරුණා අම්මාන් ඉල්ලූ කෝටි 15ක මුදල සපයා ගැනීමේ ප්‍රායෝගික අපහසුතා නිසා එම සැලසුම කල් ගිය බවත් මෙහිදී ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතාව ඝාතනය කිරීමට තිබූ සැලැස්මක් පිළිබඳවද ඔහු හෙළි කර සිටිනවා.

මෙම චෝදනා සියල්ලගේම වගකීම තමා භාරගන්නා බවත් අවශ්‍ය නම් ඔප්පු කිරීමට අවශ්‍ය හඬපටද තමා සතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

හෙට්ටිපොල ප්‍රදේශයේ ඇති වූ කලහකාරි සිද්ධියක් සම්බන්ධයෙන් නාමල් කුමාර මහතා 2019 වසරේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග යටතේ ඔහුව රඳවාගෙන පරීක්ෂණ කිරීමකට ලක් කෙරුණා.

අදාල වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here