Home Hit රනිල්ට බැරිනම්, පුටුව රුවන්ට

රනිල්ට බැරිනම්, පුටුව රුවන්ට

388

පුරප්පාඩු වී පවතින එක්සත් ජාතික පක්ෂයේ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා වැඩි කැමැත්තක් නොදක්වන බවයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

යම්හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු අසුන භාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත් එම අසුන භාර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here