Home Hit ආණ්ඩුව මාළු ගන්නවා නම් වෙදආරච්චිට මාළු කන්න වෙන්නෙ නෑ – ඒ කාළේ...

ආණ්ඩුව මාළු ගන්නවා නම් වෙදආරච්චිට මාළු කන්න වෙන්නෙ නෑ – ඒ කාළේ ධීවරයන්ට වෙඩි තිබ්බා

512

කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින ධීවරයන් පිළිබඳව වත්මන් රජය කිසිඳු සැලකිල්ලක් නොදක්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා චෝදනා කර සිටියා.

ඒ. අද (23) දින පාර්ලිමේන්තුව අමතමින්.

එහිදී ඊට පිළිතුරු දෙමින් නැගී සිටි විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දුන්නේ ධීවර සංස්ථාව විසින් මේ වන විට ලක්ෂ 800ක මත්ස්‍ය තොග මිලට ගැනීමට කටයුතු කර ඇති බවයි.

“ඔබතුමාගේ ඔය ව්‍යාපෘතිය සාර්ථක නම් දිලිප් වෙදආරච්චි මන්ත්‍රිතුමාට ටීවි එක ඉස්සරහ මාළු කන්න වෙන්නෙ නෑ” යැයි එහිදී නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කරන ලදි.

මෙහිදී පිළිතුරු දෙමින් නැවතත් නැගී සිටි රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දුන්නේ එය එකිනෙකට වෙනස් කාරණා දෙකක් බවත් රජය විසින් මාළු මිලදී ගත්තද ජනතාව තුළ තවමත් සැකයක් පවතින බවත් එම සැකය තුරන් කිරීමට වැඩ පිළිවෙළක් අරඹා ඇති බවත් ය.

“මත්ස්‍ය තොග මෙතුමන්ලා ගන්නවා නම් මත්ස්‍ය මිල මෙච්චර අඩුවෙන්නේ නෑ. මත්ස්‍ය මිල අඩු නිසයි ධිවරයන්ට අද ජීවත්වෙන්න බැරිවෙලා තියෙන්නේ. එදා තෙල් මිල අඩු කරන්න කියලා මෙතුමන්ලගෙ කාලෙ ධීවරයන් කියනකොට මෙතුමන්ලා වෙඩි තිබ්බා ධීවරයන්ට. ඒ නිසා මෙතුමන්ලගෙ සුන්දර කථා කතා අහන්න ධීවරයො සූදානම් නෑ” යැයි නිරෝෂන් පෙරේරා මහතා පවසන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here