Home Hit බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

243

බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම කොළඹ මහධිකරණය ඉවත් කර තිබෙනවා.

ඒ බව මහාධිකරණය බලධාරීන්ට දන්වා තිබෙන බව වාර්තා වනවා

එමෙන්ම මාස 03 කට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවට පණවා තිබූ කොන්දේසියද ඉවත් කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා නියම කර ඇත්තේ.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම අරමුදල් යොදාගනිමින් සෙවිලි තහඩු බෙදා හැරීමෙන් රුපියල් මිලියන 2991 ක මුදලක් සාවද්‍ය පරිහරණය කල බවටයි බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු විත්තිකරුවන් 04 දෙනෙකුට එරෙහිව මෙම නඩුව විභාග කෙරෙන්නේ.

විත්ති පාර්ශවයේ නීතීඥවරයා අද අධිකරණයට ලිඛිත දේශන ගොණු කර ඇත්තේ විත්ති වාචක කැඳවීමකින් තොරවම විත්තිකරුවන් නඩුවෙන් නිදහස් කරන ලෙසටයි.

වැඩිදුර නඩු විභාගය අනිද්දා සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here