තම පතු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් හට කොරෝනා වෛරසය ආසාදනය වූවද ඔහු හොඳින් සිටිනා බව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.
My son Donald is doing very well. Thank you!
— Donald J. Trump (@realDonaldTrump) November 21, 2020
කොරෝනා ආසාදනය වූ ඇමරිකානු ජනපති පවුලේ නවතමයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් පවසන්නේ තමන් හට රෝග ලක්ෂණ සියල්ල නොමැති නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් නිරෝධායනයට යොමුව සිටින බවත් ය.
නමුත් තමුන්ගේ පීසීආර් පරීක්ෂණය නිවැරදි නොවීමට ඉඩ ඇති බැවින් සිය පවුලේ අය සමග නිවාඩු ගත කිරීමට හැකි වේදැයි බැලීමට තවත් පරීක්ෂාවක් සිදුකරන බවත් ඔහු පවසයි.
ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඇතුළු සමාජ ජාල තුළින් කොරෝනා වෛරසය පිළිබඳව සැලකිය යුතු වැරදි තොරතුරු ප්‍රමාණයක් ප්‍රචාරය කර ඇති බවයි.
පසුගිය මාසයේ අගභාගයේදී ඔහු ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ කොවිඩ්-19 හි මියගිය කිසිවෙකු නොමැති බවයි. නමුත් ඒ වනවිටත් ඇමෙරිකානුවන් 228,000ක් වෛරසයට ගොදුරු වී සිටියහ.