Home Hit රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනාහිමියන් ලෙස අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත් කෙරේ

රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනාහිමියන් ලෙස අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත් කෙරේ

141
0

රාමඤ්ඤ මහා නිකායේ නව මහනාහිමියන් ලෙස අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත්කර තිබෙනවා.

ඒ, පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද උදෑසන පැවති රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභා රැස්වීමේදියි.

උන්වහන්සේ දැනට රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් ලෙස කටයුතු කරනවා.

රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් අපවත්වීම හේතුවෙන් මහ නායක ධූරය හිස් විය.

අපවත් වී වදාල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව මහනුවර – කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here