Home Hit IDH රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයාගනී

IDH රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයාගනී

309

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පළාගිය කොවිඩ් ආසාදිත කාන්තාව ඇහැළියගොඩ සිඳුරංගල කැලෑබඳ ප්‍රදේශයක සිටියදී ගම්වාසීන් විසින් ඊයේ (21) සොයා ගත් බව වාර්තා වනවා.

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැළියගොඩ පදිංචි මෙම කාන්තාව, එම රෝහලේම සිටි වයස අවුරුදු දෙකක් පමණ වන සිය දරුවාද සමග 19 දා රාත්‍රියේ රෝහලෙන් පළාගොස් තිබුණි.

පසුව පෙරේදා (20) ඇයගේ දරුවා සොයා ගැණුනේ ඇයගේ ඥාතීන් සමග සිටියදීය.

වයස අවුරුදු 25 ක් වන අදාළ කාන්තාව අතුරුදන්ව සිටීම හේතුවෙන් ඇයගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here